Top  blogs

Sunday, July 3, 2011

ජීවිතයද?ආදරයද? Let Me In (2010)......ලගදි බලපු පට්ට ෆිල්ම් එකක්..

Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් තිබෙන බවයි මට හිතෙන්නේ. මෙහි චරිත සියල්ලක්ම පාහේ හිතළු ලෙස ඉවත නොයන අතර ප්‍රේක්ෂකයා එම වරිත වල ක්‍රියාවන් හරිද නැති නම් වැරදීද කියා සිතුවිල්ලකින්වත් නිගමනයකට ඒමට නොහැකි වීමම මේ බයිස්කෝපයේ තියෙන අමුතු කමක්. ලේ බොන පිසාචයෙකු දිවි රැක ගැනුම උදෙසා කිනම් වූ තැනකට යාවිද යන්න ගැන මොනවට මින් කතා කරනු ලබයි. මෙහි චරිත මවන Kodi Smit-McPhee සහ Chloe Moretz යන කුඩා නළු නිළි යුවල ඉතාම අනගි රැඟුමක් මෙහි ඉදිරිපත් කරනවා. මතකයි නොවැ The Road එකේ හිටපු පුංචි නළුවා. එහෙනම් ඉතිං කථා සාරංශයකුත් ඉදිරිපත් කරන්නම්.

ඔවන් කියන පුංචි දරුවා නිරන්තරයෙන් පන්තියේ දී අනෙකුත් පංති චන්ඩින් ගෙන් හිරහැර වලට බඳුන් වෙයි. මීට අමතරව හේ තවත් පීඩාවට පත් වෙන්නේ ඔහුගේ දෙමව්පියන් දික්කසාද වීමට යාම නිසයි. මේ අතර ඔවුන්ගේ අසල්වැසියන් ලෙසින් කුඩා දැරියක් සහ මිනිසෙක් පදිංචියට පැමිණෙයි. ඒ දැරිය ඔහුගේ යෙහෙළිය බවට පත් වෙන්නේ තවත් හිතා ගත නොහැකි අත්භූත දේවල් රැසක අත්දැකීම් ලබා දෙමිනි. නමින් ඇබී වන ඇය පිසාචයෙක් බව දැනගන්නා ඔවන් කෙසේ නම් ඇගේ යහළු කම රැක ගනියිද? බයිස්කෝපය නරඹන්න…
ඒත් එක්කම කියන්න ඕනේ මෙසේ බයිස්කෝප් වලට සිංහල උප සිරැසි සකස් කරන්නේ එමඟින් ඔබ සැවොගේ රසවින්දනය උදෙසාමයි. ඔබ එයින් සතුටු වූ බව දැන ගැනීම තමයි අපගේ සතුට. ඉතිං ඔබ සතුටු වූ බව අප නොදනී නම් උප සිරැසි යෙදීමේ තේරුමක් නැතැයි සිතේ. එය දැන ගැනීමට තියෙන එකම මඟ මෙහි යෙදෙන comment පමණයි නොවැ. එහි දැක්වෙන ප්‍රතිචාරයන් හී මඳ කම නිසා මඳ කලක් උප සිරැසි යෙදීමෙන් ඉවත් ව සිටියොත් යෙහෙකියැයිද මට සිතේ.

460MB කොපිය මෙතනින් බාගන්න!

185MB කොපිය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!



 ලිපිය උපුටාගැන්ම බයිස්කෝප් සිංහලෙන්


මට නම් මේක පට්ටම පට්ට ෆිල්ම් එකක්

5 comments:

  1. මේ ෆිල්ම් එක බාගෙනම බලන්නම්. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

    ReplyDelete
  2. නියමයි මාත් හරි කැමතියි හොල්මන් බයිස්කෝප් බලන්න...:D

    ReplyDelete
  3. මට නම් වැම්පයර් කතා කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑ..

    ReplyDelete
  4. ඔන්න මාත් බා ගන්නවා....

    ReplyDelete
  5. ගොඩක් කාලෙකින් බලපු හොදම ෆිල්ම් එකක්, සිංහල සබ් දැම්මට පස්සෙ ආයෙත් බැලුවා, තෑන්ක්ස් සහෝ, ජයවේවා..................!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...