Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Software සොෆ්ට්වෙයා

පට ගාලා බාගන්න Downloadz

දැනුම

අලුත් අලුත් දේවල්

දැනගන්න

මෙතනට එන්න.......................

Sunday, July 10, 2011

අඩුම ගානට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය( එක්ස්පීරියා එක්ස් 10 මිනි)(Sony Ericson Xperia X10 mini)

ඇන්ඩ්‍රොයිඩ් කීවාම ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ.හැබැයි කස්ටිය හිතන්නෙ මේවා පට්ට ගනන් ෆෝන් කියලා.දැන් අපිට ගන්න පුලුවන් ගානට මේක අඩුවෙලා තියෙනවා.මේ තියෙන්නෙ ඒ වගෙ එකක්.සෝනි එරික්ස්සන් එක්ස්පීරියා එක්ස් 10 මිනි.අද වෙනකොට මේ ෆෝන් එක රු21000 විතර වෙනවා.පුලුවන්නම් ගන්න.

 මේ ෆොන් එක වෙලදපලට නිකුත් කරලා තියෙන්නේ 2010 මැයි මාසයේදි.මේ ෆොන් එකේ පහසුකම් ගැන කියනවා නම් TFT capacitive touchscreen, 16M colors,Scratch-resistant surface,Accelerometer sensor for UI auto-rotate,Wi-Fi 802.11b/g,5 MP, 2592х1944 pixels, auto-focus,
Android OS, v1.6 (Donut), upgradable to v2.1,600 MHz ARM 11 processor එහෙම තියෙනවා.ඒ වගේම මේකෙ අඩුපාඩු ගැන කියනවනම් බැටරි කාල අල්ප වීම,ඉදිරිපස කැමරාවක් නොමැති වීම හා ඉතා පටු තිරය දැක්විය හැක.

මේක භාවිතා කරන අය ඉන්නවනම් ගුනදොස් කියලා යන්න........

දිවුරුම් දීම

මෙතෙක් කාලයක් අනේ මන්දා ලෙස පවත්වාගෙන ආ බ්ලොග් අඩවිය අද පටන් බොරුකාරයා ලෙස පවත්වාගෙන යන ලෙස දිවුරා පොරොන්දු වෙමි.............

Friday, July 8, 2011

ලිනක්ස් මින්ට් නවතම සංස්කරණය 11 කට්යා(කත්යා)

ඔයාලා දන්නවා ලිනක්ස් කාලෙන් කාලෙට අලුත් සංස්කරණ ඉදිරිපත් කරනවා.ලිනක්ස් මින්ට් කියන්නෙත් ඒ වගෙ එකක්.මීට කලින් නිකුත් කර තිබුන ලිනක්ස් මින්ට් ජුලීයා වෙනුවට මේ වසරේ නිකුත් කරලා තියෙනවා මින්ට් කත්යා කියන සංස්කරණය.

මේ ලින්ක් එක ඔස්සේ ඔයාලටත් පුලුවන්  මේක බාගත කරන්න

Thursday, July 7, 2011

මිනිස්සු ජීවත්වෙන්නේ ඇයි ...?

මිනිස්සු ජීවත්වෙන්නේ ඇයි ...?
ජීවත් වීමෙ අරමුන මොකක්ද...?

Wednesday, July 6, 2011

beats by dr dre හොදට සිංදු අහන්න කියාපු භාණ්ඩය........

කවුරුත් කැමැතියි නෙ කොහෙ හරි යනකොට හරි,ගෙදර ඉන්නකොට සිංදු අහන්න.මෙන්න ඒකට කියාපු දේ.

Baets By Dr Dre.කොහොමද බඩු ටික පිස්සු හැදෙනවා නේද.ගනනුත් එ වගේ තමා.හෙඩ්ෆෝන් එකක් රු20 000ට වඩා වැඩියි.ඉයර්ෆෝන් එක රු 5000 සිට ඉහලට තියෙනවා.මේවා පාවිච්චි කරන්නේ Black Eyed Peas,Far East Movement,Dr dre වගේ සංගීතයට අධි තාක්ශනය භාවිතා කරන අය.



කියන්න බැරි උනානේ.ඕකට නම දාල තියෙන්නේ dr dre කියන හිපොප් සංගීත ශිල්පියාගෙ නම.එයා තමා හිපොප් සංගීතයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ.
ඔක්කොම බලන්න යන්න මෙතන ක්ලික් කරන්න

Tuesday, July 5, 2011

Black Eyed Peas-මම ආසම සංගීත කණ්ඩායමක්

apl.de.ap ,Fergie,Taboo, will.i.am (පිලිවෙලට)



අද මම කියන්න යන්නේ Black Eyed Peas ගැන.මෙයලා පටන් ගෙන තියෙන්නේ 1995 ලොස් ඇන්ජලීස් වල.මෙයාලගේ ඉන්නවා හතර දෙනෙක්. will.i.am මෙයා තමා බොස්. will.i.am රැප් කරන්න,සංගීතය සපයන්න,සිංදු කම්පෝස් කරන්න උදවු වෙනවා.apl.de.ap , Taboo රැප් කරන්න සහය වනවා.කණ්ඩායමෙ එකම කාන්තා චරිතය වන Fergie සිංදු කියන්න එකතුවෙනවා.

    "Where Is the Love? කියන සිංදුව ඔස්සේ තම ජනප්‍රියත්ව ලොවටම පෙන්වු මොවුන්ගේ  Monkey Business ඇල්බමය  4× Platinum in the U.S සහතිකය ලබා ගන්නවා.එහි අඩංගු  ම්යි හම්ප්, සහ ඩෝන්ට් පන්ක් විත් මයි හාට් ගීත ලොව පුරාම ජනප්‍රිය වනවා.

2009 වසරේ නිකුත් කල The E.N.D ඇල්බමයේ Boom Boom Pow,I gotta feeling,Meet me halfway  ගීත ලෝකයෙ මෙගා හිට් වෙනවා.මේ නිසා The E.N.D ඇල්බමය සති 30 හොදම ගීත ඇල්බම ලෙස 2009 වසරෙ නැගීසටිනවා.මීට අමතරව "Imma Be, "Rock That Body  ගීත මිලියන 1 ට වඩා එක්සත් රාජධානි තුල පමනක් අලෙවි වනවා.

2010 වසරේ නොවැම්බර් මසතුල The Beginning ඇල්බමය නිකුත් කෙරෙනවා.එහි අඩංගු The Time (Dirty Bit) ,Just Can't Get Enough හා Don't Stop the Party දැනටත් BBC UK Top 4o Dance Single 6 වන ස්ථානයෙ රැදි තියෙනවා.





I just Cant



Dont stop the party


Sunday, July 3, 2011

ජීවිතයද?ආදරයද? Let Me In (2010)......ලගදි බලපු පට්ට ෆිල්ම් එකක්..

Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් තිබෙන බවයි මට හිතෙන්නේ. මෙහි චරිත සියල්ලක්ම පාහේ හිතළු ලෙස ඉවත නොයන අතර ප්‍රේක්ෂකයා එම වරිත වල ක්‍රියාවන් හරිද නැති නම් වැරදීද කියා සිතුවිල්ලකින්වත් නිගමනයකට ඒමට නොහැකි වීමම මේ බයිස්කෝපයේ තියෙන අමුතු කමක්. ලේ බොන පිසාචයෙකු දිවි රැක ගැනුම උදෙසා කිනම් වූ තැනකට යාවිද යන්න ගැන මොනවට මින් කතා කරනු ලබයි. මෙහි චරිත මවන Kodi Smit-McPhee සහ Chloe Moretz යන කුඩා නළු නිළි යුවල ඉතාම අනගි රැඟුමක් මෙහි ඉදිරිපත් කරනවා. මතකයි නොවැ The Road එකේ හිටපු පුංචි නළුවා. එහෙනම් ඉතිං කථා සාරංශයකුත් ඉදිරිපත් කරන්නම්.

ඔවන් කියන පුංචි දරුවා නිරන්තරයෙන් පන්තියේ දී අනෙකුත් පංති චන්ඩින් ගෙන් හිරහැර වලට බඳුන් වෙයි. මීට අමතරව හේ තවත් පීඩාවට පත් වෙන්නේ ඔහුගේ දෙමව්පියන් දික්කසාද වීමට යාම නිසයි. මේ අතර ඔවුන්ගේ අසල්වැසියන් ලෙසින් කුඩා දැරියක් සහ මිනිසෙක් පදිංචියට පැමිණෙයි. ඒ දැරිය ඔහුගේ යෙහෙළිය බවට පත් වෙන්නේ තවත් හිතා ගත නොහැකි අත්භූත දේවල් රැසක අත්දැකීම් ලබා දෙමිනි. නමින් ඇබී වන ඇය පිසාචයෙක් බව දැනගන්නා ඔවන් කෙසේ නම් ඇගේ යහළු කම රැක ගනියිද? බයිස්කෝපය නරඹන්න…
ඒත් එක්කම කියන්න ඕනේ මෙසේ බයිස්කෝප් වලට සිංහල උප සිරැසි සකස් කරන්නේ එමඟින් ඔබ සැවොගේ රසවින්දනය උදෙසාමයි. ඔබ එයින් සතුටු වූ බව දැන ගැනීම තමයි අපගේ සතුට. ඉතිං ඔබ සතුටු වූ බව අප නොදනී නම් උප සිරැසි යෙදීමේ තේරුමක් නැතැයි සිතේ. එය දැන ගැනීමට තියෙන එකම මඟ මෙහි යෙදෙන comment පමණයි නොවැ. එහි දැක්වෙන ප්‍රතිචාරයන් හී මඳ කම නිසා මඳ කලක් උප සිරැසි යෙදීමෙන් ඉවත් ව සිටියොත් යෙහෙකියැයිද මට සිතේ.

460MB කොපිය මෙතනින් බාගන්න!

185MB කොපිය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!



 ලිපිය උපුටාගැන්ම බයිස්කෝප් සිංහලෙන්


මට නම් මේක පට්ටම පට්ට ෆිල්ම් එකක්

Saturday, July 2, 2011

Mr Saxobeat පට්ටම සිංදුවක්

ඉස්සරලාම කියන්න ඕන මේක මම දැනට ආසම කඩ්ඩ සිංදුව.සිංදුව ටිකක් විතර ෆාස්ට්.  හවුස් මියුසික් අහන අයට අවුලක් නෑ.ගායිකාව-Alexandra Stan



Friday, July 1, 2011

ලස්සනට ෆොටෝ එකේ කලර්ස් වෙනස් කරගන්න කැමැතිද??

සමහර මොබයිල් ෆෝන් හා ඩිජිටල් කැමරාවල ෆොටෝ ගත්තහම පාට හරි නෑ වගේ හිතෙනවා නේද?ඒකට දැන් වැඩක් තියෙනවා.Adobe Light Room 3.මේකෙන් අපිට ඕන විදිහකට ඡායාරූපයක් වෙනස් කරගන්න පුලුවන්..
 පින්තුර දෙකේ වෙනස බලන්න
මෙතන ක්ලික් කරලා බාගතකරගන්න
කී එක ටොරන්ට් එකකින් ගන්න.




Related Posts Plugin for WordPress, Blogger...