Top  blogs

Monday, April 18, 2011

පට්ට අවුරුද්ද.......................



මේක පොඩි ආතල් කතාවක්........මොකද මේක උනේ මගේ සහෝදරයට.මම කෙලින්ම කතාවට බහින්නම්කෝ...මම පොරට සහෝ කියලා කියන්නම් කෝ.දන්නවානේ අවුරුදු කාලෙට කෝල්ලෝ යාලුවන්ගේ ගෙවල් වල යනවා. මේවගේ මගේ සහෝත් යාලුවෝත් එක්ක ඇවිදින්න ගියා.අපෙ ගෙදරට අමිල කියලා අයියාගේ යාලුවෙක් ඇවිත් එක්කගෙන ගියා.මේ විදිහට අපෙ ගෙදරින් උදේ පටන් ගත්ත ගමන හවස් වෙන්කන් ගිහින්.අන්තිමට යාලුවෝ ඔක්කෝමත් එක්ක අපේ ගෙදරට ආවා.අපේ අම්මත් දඩි බිඩි ගාලා යාලුවන්ට කන්න ඩිනර් ලැහැස්ති කලා........සහෝ ගෙ යාලුවො සෙට් එක කාලා ඉවරවෙලා යන්න කියලා ලැහැස්ති උනා...දන්නවා නේ අපි මොනවා උනත් ලාංකිකයෝ නේ...........කාලා බීලා ඉවර වෙලා කස්ටිය අපේ අම්මටයි,තාත්තටයි කතා කරන්න සෙට් උනා(ඒ කියන්නේ වදින්න).දැන් කට්ටිය පෝලිමට ඇවිත් අම්මටයි,තාත්තටයි වැදලා යනවා.......අපේ අම්මත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතනවා...මාත් දැන් මේ සීන් එක දිහා බලාගෙන ඉන්නවා.......මට මේ සීන් එකේ පොඩි අවුලක් පෙනවා..බැලිනම් අපේ සහෝත් පෝලිමෙ ඇවිත් වදිනවා........අපේ අම්මත් ගත් කටටම 'සුබ අලුත් අවුරුද්දක් වේවා කීපිය....අපේ තාත්තට මේක තේරුනා...........තාත්තත් කරන්ට් වැදිලා වගේ බලාගෙන ඉන්නවා...යාලුවෝ ටිකත් මූනින් මූන බලා ගත්තා.....මටත් මේක දැකලා පිස්සු වගෙ.මොකද ගෙදර ඉන්න එකා මොකටද වැන්දෙ කියලා...........

බැලීනම් මොකද දන්නවාද වෙලා තියෙන්නේ .............උදේ ඉදන් පෝලිමට ඇවිත් වැදලා පුරුදු වෙලා ඒ පුරුද්දටම අපෙ සහෝ ත් පෝලිමට සෙට් වෙලා අම්මට වැදලා..........අපේ සහෝගේ යාලුවො බඩ අල්ලගෙන හිනා වෙනවා.......සහෝගෙ මූනත් රතු වෙලා..කරගන්න දෙයකුත් නේ......මේ වෙලාවෙ අපේ අම්මා උදවුව ඇවිත් කිවා 'අම්මට වැන්දට වැඩි වෙන් නෑනේ කියලා'.....ඔය කතාව නිසා පොරට රෙදි ඇදගෙනෙ එතන ඉන්න පුලුවන් උනා...........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...